DEV Community

Cover image for Dennis Ritchie and Origin of C language
xe-non
xe-non

Posted on

Dennis Ritchie and Origin of C language

#c

කවුද මේ Dennis Ritchie කියන්නේ?

ඔයාලා බලනවා ඇති කවුද මේ රැවුලා කියලා. ඔව් ඔව් ඉතිං රැවුල තියෙනවා තමයි. අපිට රැවුලෙන් වැඩක් නැනේ, අපි බලමු මෙයා මොනවා ද කරලා තියෙන්නේ කියලා. මං දැන් මෙතන ඉදං මේක ලියන්නෙයි ඔයා ඔතන ඉගෙන මේක කියවන්නෙයි මේ මහත්තයා හිදා තමයි. මේ කතාව පටන්ගන්නේ B වලින්. ඔව් ඔව් Aට පස්සේ තියෙන B තමයි. හැබැයි B කිව්වට B language. දැන් ඔයා බලනවා ඇති මොකක් ද යකෝ මේ B language කියන්නේ කියලා. B language කියන්නේ C language කලින් තිබුණ එක. ඔව් ඔව් Bට පස්සේ තියෙන C තමයි. 1972 මේ මහත්තයා Bell Labs වලදී B language වැඩි දියුණු කරලා තමයි C language හැදුවේ. ආන්.... හරි ඒ C language තමා. ඔව් ඔව් අද අපි පාවිච්චි කරන ඔක්කොම හදන්න මුල් උනේ මේයා තමා.

තාම් ඉවර නැ කියලා. 1970 දී Ken Thompson කියන මහත්තයයි මේ මහත්තයයි තව මහත්වරු කීප දෙනෙකුයි එකතු වෙලා තමයි Bell Labs වලදී වලදී Unix OS ලිව්වේ. හම්.... එකත් හදලා තියෙන්නේ මේ යෝදයාම තමයි. මට කියන්න අමතක උනානේ Ken Thompson කියන මහත්තයා තමයි B language හැදුවේ.

1973 දී මේ මහත්තයා B ලියලා තිබුණු Unix kernel අමුතුවෙන්ම C වලිව්වා Version 4 Unix වලට.

2011 ඔක්තෝම්බර් 12 මේ මහත්තයා අපි අතරින් සමු ගන්නවා.


Origin of C language

Ken Thompson මහත්තයා ලියපු B language තිබුණේ typeless (everything is a word) ක්‍රමයක් ඉතිං ඒ වෙනුවට static types system හදපු එක තමයි Dennis Ritchie මහත්තයා කලේ.

strcopy(sl,s2)
{
    auto i;
    i = 0;
    while (lchar(sl,i,char(s2,i)) != '*e') i++;
}
Enter fullscreen mode Exit fullscreen mode

ඔය උඩ තියෙන්නේ B වලින් ලියපු code උදහරණයක්. auto කියන keyword තමයි veritable හදලා තියෙන්නේ. C වල වගේ void, int, char, double හ float වගේ data types නෑ ඔක්කොටම තියෙන්නේ auto විතරයි. ඒ කාලේ හැටියට C වලින් ලැබුණු ලොකුම ප්‍රයෝජනය තමයි Assembly language වලින් කලින් ලියපු apps C වලින් හුගක් හොදට ගොඩක් කාලයක් තියෙන විදියට ලියන්න පුලුවම් උන එක.

Unix kernel තමයි assembly වලින් නැතුව C වලින් ලියපු පලවෙනි kernel.

Timeline of language development

Year C Standard
1972 Birth
1978 K&R C
1989/1990 ANSI C and ISO C
1999 C99
2011 C11
2017/2018 C18

Other Variations of C - Christian Rey Ompad - Medium

K&R C

1978 Brian Kernighan හා Dennis Ritchie කියන මහත්වරු දෙන්නා එකතු වෙලා ලියපු The C Programming Language කියන පොත අනුව හදපු C version තමයි K&R C කියලා කියන්නේ.

lavandeira.net – Relearning MSX #16: Roadmap

වගේ දේවල් මුලිනම එලි දක්වන්නේ K&R C වලදී තමයි.
ඒ පොතේ දෙවෙනි edition දී ANSI C ප්‍රමිතියට අනුව තමයි එලි දක්වන්නේ.

ANSI C and ISO C

1983 දී American National Standards Institute (ANSI) පත් කරපු X3J11 කමිටුව තමයි ANSI සම්මුතිය නිර්මාණය කලේ.1990 දී International Organization for Standardization (ISO) ANSI C ISO/IEC 9899:1990 ව්දියට හදලා එලියට දැම්මා. C89 හා C90 කියලා හදුන්වන්නෙත් ඔය ISO C තමා. අද අපි පාවිච්චි කරන හුගක් C compilers පාදක කරගෙන තියෙන්නේ C89 තමා.

ANSI C වලදී හදුන්වා දුන් දෑ :

  • Inline functions
  • Several new data types :long long int හාcomplex තවත් කිහිපයක්.
  • Variable-length arrays
  • Flexible array members

C99 and C11

1999 C99 (ISO/IEC 9899:1999) ත් 2011 දී C11 නුත් හදුන්වා දුන්නා.

Don't forget to say hello to the search box for further details.


References

https://en.wikipedia.org/wiki/Dennis_Ritchie
https://en.wikipedia.org/wiki/Ken_Thompson
https://medium.com/@christianreyompad/other-variations-of-c-3a78634e7891
https://yurichev.com/blog/typeless/
https://en.wikipedia.org/wiki/C_(programming_language)

Top comments (0)